රන් චාජරයක් කටුනායකදී අසුවේ


රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් කැබලි තුනක් ජංගම දුරකතන චාජරයක් තුල සගවාගෙන ඉන්දියාවේ  චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. 

අත්අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග‍්‍රෑම් 108 කි. 

ඔහු  අද  අළුයම  ජෙට් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින්  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින්  පරීක්ෂා කර ඇති අතර පසුව ඔහුව රේගුවට බාර දී ඇත.
මේ පිළබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු  සිදු කරති.