රන් ගෙනා ඇමරිකානුවා කටුනායකදී අල්ලයි
රුපියල් ලක්ෂ විසිපහක් පමන වටිනා කුඩා රත්තරන් කැබැලි 126 ක් රැගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇමරිකානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු 45 වියැති රන් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ඔහු අප‍්‍රිකානු රටවලට ගොස් රත්තරන් එකතු කරන බවත් ඔහු මෙරටට පැමිණි දෙවන වතාව මෙය බවත් කරන ලද විමර්ශන වලින් අනාවරනය වී ඇත.
අත් අඩංගුනට ගනු ලැබූ රන් කැබැලි වල බර ග‍්‍රෑම් 627 කි.
සැකකරු ඊයේ රාත‍්‍රියේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 652 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන මහතා විසින් සැකකරුව පරික්ෂා කිරීමේදී මෙම රන් කැබලි සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතාගේ මෙහෙයවීමන් රේගු අධිකාරී ඩබ්ලිව්.බී සමරකෝන් සහ සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන යන නිලධාරීහු සිදු කරති.