රන් කූරයි යූරෝ සල්ලියි එළියට


රුපියල්   විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කූරක් සහ විදේශ මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දීයා ජාතික තරුණයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. 

සැකකරුවෝ  වයස 26 සහ 28 වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායිහි පදිංචිකරුවෝ වෙති.

මින් එක් තරුණයෙකු ලග තිබී  ග‍්‍රෑම් 106 ක් බරැති රන් කූරක්  ඉවතට ගත් බවත්    අනෙකා ලග තිබී යූරෝ දස දහසක් ඉවතට ගත් බවත්  රේගුව කියයි.  රන් කූරෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ තිස්දහසක් වන අතර යූරෝවල වටිනාකම රුපියල් දහඅට ලක්ෂයකි.


යුරෝ ගෙන ආ තරුණයාගේ ශරීර අභ්‍යන්තරයේ තවත් මුදල් හෝ රන් කැබැලි ඇති බවට සැක කරන බැවින් ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කළ බව රේගුව කියයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පමනක්  මෙලෙස රන් ප‍්‍රවාහනය කරන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අසුවූ  නමවන අවස්ථාව මෙය බවද  ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මොවුන් දෙදෙනා ඊයේ අලූයම ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව් 255 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධික්ෂනය යටතේ රේගු අධිකාරී ඞී රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන්  පී.එච්.යූ වජේපාල, එම්.ඞී.ටී සිරිසේන, ආර්.එම්.එච්.කේ අභයවර්ධන, පී.පී නන්දසිරි, ආර්.පී.එන් ධර්මසේන යන රේගු නිලධාරීහු සිදු කරති.