රන් කෑලි රාජසන්තකයි


රුපියල්  විසි  ලක්ෂයක්  වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ  සඟවාගෙන බැංගලෝරය බලා යාමට කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි  ඉන්දියානුවෝ දෙදෙනෙක්ට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.එස් සේනාරත්න මහතා විසින් අද  සිදු කළේය.

මෙසේ දඩ නියම වුයේ බැංගලෝරයේ පදිංචි 28 හැවිරිදි  සිල්ලර කඩ හිමියන් දෙදෙනෙකුටය.

ඉන්දියානුවන්  ලඟ තිබී සොයාගත් රන් බිස්කට් 4 හි බර ග්‍රෑම් 400 කි.

මොවුහු  ඊයේ(02) උදෑසන ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර අද   ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 773 දරණ ගුවන් යානයෙන් නැවත අාපසු බැංගලෝරය බලා යාමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.