රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් කම්බි කූරු හතරක් තම ගමන් බෑගයේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කම්බි කූරු රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් අද සිදු කළේය.
සැකකරු කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් සිදුකර ඇති බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු අද උදෑසන හතට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 121 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙයෙවීමෙන් රේගු අදිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කළහ.

