උදරයේ රන් සහ විදේශ මුදල් සගවාගෙන ඇති බවට සැකකරන ඉන්දියානු ජාතිකයෝ 6 දෙනෙක් සහ ශ‍්‍රී ලාංකිකයෙක් ඔවුන් පැමිණි වාහනය රියදුරා සහ සහායකයාද සමගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබූ ශ‍්‍රී ලාංකිකයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ශරීර අභ්‍යන්තරයේ රත්තරන් සගවාගෙන ඉන්දියාව බලා යාමට පිරිසක් එන බවට ලැබුණු තොරතුරක් මත ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු ගුවන්තොටුපොලේ පිටත රැකවල් තරකර වාහනයද සමග මොවුහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
රේගු නිලධාරීන් විසින් මෙම පිරිස එක්ස් කිරණ පරීක්ෂනයකට යොමු කර ඇත. එම පරීක්ෂනයට අනුව මේ අතරින් හතර දෙනෙකුගේ උදරයේ රන් කැබැලි 13,5,6,1 ඇති බවත් තවත් දෙදෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ විදේශ මුදල් ඇති බවට අනාවරණය වී ඇති බව රේගු නිලදාරීහු කියති.
මොවුහු ඊයේ ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ වන විට මින් එක් පුද්ගලයෙකු තම උදරයේ තිබූ රන් කැබලි 04 ක් ඉවතට දමා ඇතැයි රේගුව කියයි.
මේ වන විට මොවුන් සියළු දෙනාම රේගුව බාරයේ පසුවන අතර රේගු නිලධාරීන් විසින් ඔවුන්ට දියර ආහාර, ආනමාළු සහ පළතුරු දෙමින් රේගුවේ රඳවාගෙන සිටිති.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක වරයා පැවසූවේ රේගුවට සැකකරුවෙකු තබා ගත හැක්කේ පැය විසිහතරක් බැවින් මොවුන්ගෙන් මෙම රන් කැබලි සහ විදේශ මුදල් ඉවතට ගන්නා තුරු රේගුවේ තබා ගැනිමට අදිකරණ නියෝගයක් ලබා ගන්නා බවයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.