කරඳගොල්ලේ කැළැවක වැටී තුවාල ලබා සිටියදී සොයා ගත් බව කියන රන් උණහපුලු පැටවකු හෝටල් සේවක පිරිසක් ගෙනවිත් වනජිවි නිලධාරින්ට බාර දුන් බව ඇල්ල පොලිසිය පවසයි.
දුර්ලභ ඝණයේ සතෙකු ලෙස සැලකෙන රන් උණහපුලුවාගේ දිග අඟල් අටක් වේ. උණහපුලු පැටවා ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර වනජිවි පශු වෛද්‍ය ඒකකයට බාර දී ඇත.

![20160320_214003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160320_2140031.jpg)
![20160320_214035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160320_2140351.jpg)
