රන් ඉස්තිරික්කයක්


රුපියල් ලක්ෂ 40 ක් වටිනා රත්තරන් බිස්කට් අටක් පරණ ඉස්තිරික්කයක් තුළ සහ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත්  බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග්‍රෑම් 800 කි.

ඉන් රන් බිස්කට් 4 ක් පරණ ඉස්තිරික්කයක් තුල සගවා තිබු බවද ඉතිරිය ගමන් මල්ලේ තිබු බවද රේගුව කියයි.

සැකකරු  එම්රේට්ස් ගුවන් සේවාවට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරීවරුන් වන  ඩී.එම්.ජී නිමල් තිලක, එස්.පී.අයි බාලසුරිය, සහකාර රේගු අධිකාරිවරුන් වන මංජුල ප්‍රසාද්, රුවන් රත්නායක, මධුෂංක විජේවර්ධන සහ මලින්ද පෙරේරා යන නිලධාරීහු සිදු කරති.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නිමල් පෙරේරා මහතා විසින් සිදුකිරීමට නියමිතය.

 1 2 3