රථවාහන වැරදි හතකට අවම දඩය 25000


මාර්ග නීති උල්ලංඝනය කිරීමේ බරපතල වැරදි හතක් සඳහා අවම දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය එකඟවී ඇත.

වලංගු රියදුරු බලපතක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති අයකුට රථ ධාවනයට ඉඩදීම, වම් පසින් ඉස්සර කිරීම, දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය, බීමත්ව රිය ධාවනය, අධික වේගය, රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය යන වැරදිවලට එම දඩ මුදල ක්‍රියාත්මකවේ.