රථය නවත්වන්න අණකළ පොලිස් නිලධාරීන් යටකරමින් රිය පළායයි


(අජිත් ලාල් ශාන්ත උදය සහ බලංගොඩ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
බලංගොඩ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙපොළ ප්‍රදේශයේ රථවාහන පරීක්ෂාවේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යටකරගෙන අද (15) සවස 3.00ට පමණ වෑන් රථයක් පලාගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එක් පොලිස් නිලධාරියකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

බලංගොඩ සිට රත්නපුරය බලා ධාවනය වූ වෑන් රථයක් නවත්වන ලෙස ඇල්ලෙපොල ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි මෙම නිලධාරීන් අණකළත් එය නොතකා ධාවනය කෙරිණි.

පලාගිය වෑන් රථය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.