රථ ගාලට පොලිසියත් නීතීඥයෝත් මත දෙකක


මාරවිල දිසා අධිකරණය අසළ පිහිටි සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යැයි පොලිසිය සවිකළ පුවරු ඉවත්කර එහි වාහන නතර කළ නීතීඥයෝ පොලිසිය අනවශ්‍ය දෙයක් කැර ඇතැයි කියති.

මාරවිල නීතීඥ සංගමයේ සභාපති ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා පවසන්නේ වාහන ගාල්කරන නොකරන තැන් තීරණය කළ යුත්තේ පළාත් පාලන ආයතනවලින් බවයි. ඒ බව දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ඇති බව ඔහු කීයේය.

මාරවිල සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.පියරතන මහතා පවසන්නේ පොලිසිය රථවාහන නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පොලිසිය ගරු කරන බව ද එම තීන්දුවෙන් රථවාහන පනත උල්ලංඝනය කර නැති බව ද ඔහු කියයි.

දෙපාර්ශවයම පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කරන බවයි.

11 12(1)