රතුපස්වලට ස්ථිර විසඳුමක් එනතුරු අපි බලා ඉන්නවා


ජලය ඉල්ලා  දුක් විඳින   රතුපස්වල ජනතාවට සැබෑ විසදුමක් ලැබෙන තුරු ජනතාව සමග සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් පොන්සේකා මහතා  වැලිවේරිය  ගල්ලොළුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී පැවසුවේය.

ඔහු එසේ පැවසුවේ රතුපස්වල ගැමියන්  පිරිසිදු ජලය ඉල්ලා කරන අරගලයේදී  ගැමියන් සමග මේ වන විටත් එකට සිටින එකම භික්ෂුව  වු සිරිධම්ම  හිමියන්  අද සවස හමුවු අවස්ථාවේදීය.

එහිදී රතුපස්වල ජනතාවගේ  පානීය ජල ගැටළුව පිළිබඳව  සරත් ෆොන්සේකා  මහතා සිරිදම්ම හිමියන් සමග පැය එකහමාරක් පමණ  සාක්ච්ඡා කළේය.

එම අවස්ථාවේ සරත් පොන්සේකා මහතා කියා සිටියේ 

 ‘‘දැන්   අපි තේරුම්  අරන් තියෙනවා  රජය  මේ ජනතාවගේ ගැටළුව  තේරුම් ගන්න උත්සහ නොකර, එවුන්ගේ අවශ්‍යතාවය ඉටු නොකර කර්මානත ශාලාව ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි.  නමුත් ජනතාවට සිදුවු අසාධාරනය තේරුම් ගන්නවත් එය නිවරදි කිරීමටවත් මේ රජය උත්සහ කළේ නැහැ.  තාමත් උත්සහ කරන්නේ පැලැස්තර විසදුම් දෙමින් ප‍්‍රශ්ණය යට ගැසීමටයි.

‘නමුත් ජනතාවගේ ප‍්‍රශ්නය අපි තේරුම් අරගෙන තියෙනවා. ජනතාව වෙනුවෙන් අපිට වගකීමක් තියෙන බව අපි දන්නවා.  නමුත් අපි මේ ප්‍රශ්නයට අත කෙලින්ම අත දාන්නේ නැතිව දුර ඉදන් බලන් හිටියේ  මේ ප‍්‍රශ්නය දේශපාලනීකරණය කරලා රජය ගැලවෙන්න හදයි කියන හේතුව නිසා.

එදා ජනතාවට හිරිහැර වෙලා ජනතාව දුකට පත් වූ මොහොතේ අපි ඔවුන් මුන ගැසී මේ ප‍්‍රශ්ණය කතා කළා.

නමුත් මෙයට විසඳුමක් මේ රජය දෙන්නේ නැහැ කියලා අපිට අද අවබෝද වෙලා තියෙනවා. අපි මෙතනදී ජනතාව වෙනුවෙන් අනිවාර්‍යයෙන්ම සටන් කරනවා.

මේ ස්වාමීන් වහන්සේ පහුගිය කාලෙදි  පිරිසිදු ජලය නැතිව ජනතාව කරදරයට පත්වෙලා සිටි වෙලාවෙදි ජනතාව වෙනුවෙන්   පෙනී සිටිය ස්වාමීන් වහනසේ නමක්.

උන් වහන්සේ ඒ කරපු සේවය අපි දැක්කා.  ඒ වගේම ජල ගැටළුව තාම විසිදිලා නැති නිසා උන් වහන්සේ තාම ජනතාව සමග, ජනතාව වෙනුවෙන් පිළිතුරක් සොයමින් වෙහෙසෙන අයුරු අපි බලාගෙන හිටියා.

මෙතනදී  අපි තේරුම් ගත්තා රජය ජනාතාව තේරුම් ගන්න උත්සහ නොකර ජනතාවගේ අවශ්‍යතාවය ඉටු නොකර කර්මානත ශාලාව ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි අපි දැක්කා.

අපි මේ ප‍්‍රශ්නයේදි ස්වාමීන් වහන්සේට ප‍්‍රකාශ කළා අපිත් මේ ප‍්‍රශ්නයට මුහුණ දෙමින් ජනතාව සමග ඉන්නවා කියලා.  එදා  වැලිවේරියෙදි ජනතාවගේ ජීවිත අහිමි වුනා,  තුවාල සිදුවුනා,  තර්ජන ගර්ජන වලට මුහුණ දෙන්න සිදුවුනා.

මෙතනදී අපි දේශපාලඥයෝ හැටියට පිළිතුරක් ලැබෙන තෙක් ජනතාව වෙනුවෙන් සටන් කරනවා. අපේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක  මෙයයි. 

තෙරි පැහැ සිරිධම්ම හිමියෝද මෙහිදී   මාධ්‍ය  ඇමතූහ. 

‘‘මේ ස්ථානයට විවිධ ජන නායකයෝ ආවා. විපකෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්මයා, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  වැනි ප‍්‍රධාන පෙලේ නායකයෝ ආවා.

අද දවස අපිට  ඓතිහාසික දවසක්.  හිටපු හමුදාපත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද අපේ විහාරස්ථානයට ආවා.

අපි ඒ ගැන ප‍්‍රශංසා කරනවා වගේම මේ ප‍්‍රදේශයේ ඉන්න සියලූම ජනතාව  ඔබව පිලිගන්නවා  ජනතාව වෙනුවෙන් හඩක් නගපු නායකයෙක් විදියට.

මේ රටේ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් ක‍්‍රියාත්මක වු ජාතික විරයෙක් වූ එතුමන්ගෙන් අපිට දැනගන්න ලැබුනා මේ පළාතේ ජනතාව එතුමා සමග ඉන්නවා කියලා.

ඒක අපිට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම, එක්සත් ජාතික පක්ෂයට වගේම පුජ්‍ය පක්ෂයටත් මේ රටේ සෙනග ඉන්න  බව සෑම පක්ෂයක්ම දැනගන්න  ඕනේ.

මගේ ව්‍යායාමය පුංචි පුංචි මිනිස්සුන්ට වන මහා අසාධාරණකම් වලට විසදුමක් සෙවිමයි.

රාටේ ජනතාව ජනතා නියෝජිතයෙක් පත්කර ගන්න් තමන්ගේ දුක කියන්න. එසේ නොවෙනවා නම් ඒක ලොකු අසාධාරණයක්.

අනාදිමත් කාලයක සිට ප‍්‍රශ්නයක් ඇති වුනාම ගැමියෝ දුවගෙන ආවේ  පන්සලට. ඒත් දැන් අද ඒක වෙනස් වෙලා අද දුවගෙන යන්නේ පොලිසියට. එතනින් උසාවියට ඉන් පස්සේ ප‍්‍රශ්නය දෙගුන තෙගුන වෙලා.

ඒත් වලිවේරියේ ජනතාව අද  ඒ ක‍්‍රමය වෙනස් කරලා. අනාදිමත් කාලයක සිට අනුගමනය කල ඒ පිලවෙත අදත් අනුගමනය කරලා දුවගෙන ආවේ මා ලගට.  ඒ නිසා  මම ඒ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ පීඩා දුරලීමට කටයුතු කරනවා.

ජයතාවටත් මහජන නියෝජිතයින්ටත් මේ ජල ගැටළුවට ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් මට සහයෝගය දෙන්න කියා පණිවඩයක් නිකුත් කරනවා‘‘.