මහත් අන්දෝලනයකට තුඩු දුන් ගම්පහ සහ මහර බල ප්‍රදේශයන්ට අයත් ගම් කිහිපයක පානීය ජල ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස නළ ජලය ලබා දීමට ජල සම්පත් හා ජලා ප්‍රවාහන මණ්ඩලය සැරැසෙයි.
මේ ප්‍රදෙස්හි ජලයේ ඇසිඩ් ගතිය ඇති බවටත් පී එච් අගය හයට අඩුවවත් ඇති හෙයින් ළිං ජලය බීමට කිසිසේත්ම නොසුදුසු බවත් කියති.
මෙහි පළමු අදියර යටතේ බියගම පොම්පාගාරයෙන් රතුපස්වල,නැඳුන්ගමුව සහ ඌරුවල යන ප්‍රදේශයන්ට ජලය ලබා දීම පිණිස නළ එලීම මේ දිනවල සිදු කෙරෙන අතර මේ සඳහා රුපියල් ලක්ෂ හත්සියපනහක් වැය කෙරෙනු ඇත.
මෙමගින් නිවාස 1000 කට පමණ ජලය ලබා දීමට හැකි වන බව ගම්පහ ප්‍රාදේශිය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා පැවසීය.