ගම්පහ රතුපස්වල නැවත අර්බුද හට ගත හැකි බව හා නිසි කලට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුද්ගලයන් සංවිධානය වී කරන්නේ මොනවාදැයි ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වීමට බුද්ධි අංශ නිලධාරීන් අසමත් වී ඇති බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහතාගේ සාක්කියෙන් පෙනී යන්නේයැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.
ඒ පිළිබඳ පොලිස්පතිගේ අවධානයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
අතුපස්වල ගැටළුව අවස්ථාවේ පොලිසියේ කොපමණ ප්‍රමාණයක් යොදවා සිටියේදැයි මහේස්ත්‍රාත් නැගූ පැනයකට පිළිතුරු ලෙස පොලිස් අධිකාරී කොමසාරු මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් දහසක් පමණ ඒ සඳහා යොදවා සිටි බවයි.
නීතීඥ උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ පොලිසිය මහජනයාගේ ගැටළුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවාට වඩා කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවයි.