රතුපස්වල ළිං ප්‍රශ්නෙ නුවර පාරටත් ගලයි


රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දහස් ගණන් ගැමියෝ නව නුවර පාර සහ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ද අද පැමිණියහ.

කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහරින් ද, මිරිස්වත්තෙන් ද, ගම්පහ අලුත් පාරෙන්ද,  නව මහ නුවර මාර්ගය වැලිවේරියන්ද අවහිර කැරිණි.

කොළඹ මහනුවර මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිවිය.

පන්දහසක් පමණ ජනයා සමග මහා සංඝරත්නය ද උද්ඝෝෂණයට එක්වෙමින් මහපාරට වැඩම කළහ. ඒ අතර අමරපුර වජිරවංශ නිකායේ අනුනායක ආචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ද ඊට එක්ව සිටිති.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකට ගමේ නියෝජිතයන් පිරිසක් කැඳවාගෙන යෑමට වාහනයක් එවා තිබූ බවත්, ඔවුන් එහි නැග ගිය බවත් උද්ඝෝෂකයෝ කියති.