රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණෙන තුරු කර්මාන්ත ශාලාව අසල ගාම්වාසීන් පිරිසක් රැදි සිටි අතර අද සවස් වන විටත් උන්වහන්සේ එම ස්ථානයට පැමිණ සිටියේ නැත.
රතුපස්වල ජල සටනේ මුල සිටම ජනතාව සමග සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන තොරතුරක් නැති බවත්, ලෙඩකු බැලීම සඳහා නුවර ගොස් දෙක වන විට නැවත එන බව කී ඒ හිමියෝ අද රාත්‍රී හත වන තුරු නැවත නොපැමිණි බවත් ගැමියෝ කියති.
වෙනදා දුරකතන ඇමතුමක් ගත් සැනින් ඊට ප්‍රතිචාර දක්වන ඒ හිමියන් අද (11) උදේ සිට ඊට ප්‍රතිචාර නොදැක්වීම ගැන ගැමියෝ කුතුහලයෙන් පසුවෙති.

