රතුපස්වල වාර්තාව පස්සේ එයි


රතුපස්වල ජල ගැටළුවට විසදුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ විමර්ශනය අවසන් කළ ඇති බවත් නිර්දේශ ළඟදීම නිකුත් කරන බවත් කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.
එම විමර්ශන සිදු කිරීමේදී රාජ්‍ය ආයතන 35 ක්, යුද හමුදාවේ ඉහළ නිලධාරින් ඇතුලූ 14 ක්, පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුලූ 9 ක්, සිවිල් සංවිධාන 30 ක් සහ රතුපස්වල සහ නැදුන්ගමුව ප‍්‍රදේශයේ ගම්වාසීන් 80 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට සිදුවූ බව ඔහු පවසයි.