වැලිවේරියේ රතුපස්වල භූගත ජලය පානය කිරීමට සුදුසුදැයි පරීක්ෂණ වාර්තා ලබන පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (30) නීතිපතිවරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,ආයෝජන මණ්ඩලය සහ වෙනිග්‍රෝස් සමාගම නම් කර ඇත.

