රතුපස්වල යළි රතු වෙයි


ගම්පහ රතුපස්වල ජල ගැටලුවෙන් ඉවත් වන ලෙස කියමින් සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතාට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි.

දුරකතන ඇමතුම් තුනක් ලබා දෙමින් සහ නිවසට පැමිණ බලපෑම් කළැයි ඔහු පොලිසියට කියා ඇත.

මීට දෙසතියකට පෙර සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවක දී සුරේෂ් පෙරේරා මහතා පැවසුවේ කර්මාන්ත ශාලාව නිසා පරිසර දූෂණයක් සිදුවී නැතැයි කියන ඕනෑම කෙනකුට විවාදයකට එන්නැයි විවෘත අභියෝගයක් කරන බවයි.