ගම්පහ රතුපස්වලදී පසුගිය පළමුවැනිදා යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ණ ගම්පහ මහෙස්ත්‍රාත් උදාවියේදී අද (08)උදේ ඇරැඹිණි
ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අන් සියලු නඩු අතිරේක මහෙස්ත්‍රාත් උසාවියට යොමු කැර මෙම නඩුවේ සාක්කි සටහන් කැර ගැනීමට පියවර ගත්තේය.
ගම්පහ වැලිවේරියේ අකිල දිනේෂ් (17), නැදුන්ගමුවේ ෂමිල රවිෂාන් (19) සහ ගම්පොළ උඩහේන්තැන්නේ නිලන්ත පුෂ්පකුමාර (29) මෙම ගැටුමෙන් මිය ගියේය.
මියගිය තිදෙනාගේ නෑයන් සිව් දෙනකු ද පොලීසියෙන් එක් අයකු ද සාක්කියට කැඳවන බව පොලීසිය දැන්වීය.