වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවට එරෙහිව පැවැති උද්ඝෝෂණයේ දී 2013 අගෝස්තු පළමු වැනි දා වෙඩි තබා තිදෙනකු ඝාතනය කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කළ අතර එම විමර්ශන පක්ෂාග්‍රහී බව කියමින් ගම්වාසීහු නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතාට සහ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කළහ.
ඒ අනුව විමර්ශන රහස් පොලිසියට භාර කැරිණි.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලස්පරීක්ෂණ එස් කේ උපාලි මහතාගෙන් සහ කර්මාන්ත ශාලාවට එරෙහිව මුලින්ම පොලිසියට පැමිණිලි කළ ගැමියන් තුන් දෙනකුගෙන් ද, රතුපස්වල පරිසර සංවිධානයෙන් සභාපතිගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

