වැලිවේරිය රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා මේ වන විට වසා දමා ඇති රතුපස්වල රබර් අත්වැසුම් කම්හල යළි විවෘත කරන ලෙස ඉල්ලමින් සංවිධානය කර තිබූ රැස්වීමකට ගිය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය වෙනත් දිනයකට යොදා ගන්නා ලෙස පවසමින් එම ස්ථානයෙන් වහා ඉවත්ව ගියේය.
කම්හලට හිතවත් පිරිසක්ද, එහි සේවකයින් කිහිප දෙනෙකුද, එයට වතුර සහ දර සපයන්නන් කිහිප දෙනෙකුද එහි වුහ.
ඉන් ස්වල්ප මොහොතකට පෙර අදාල කම්හල ගමෙන් ඉවත්කරන ලෙස ඉල්ලමින් ගැමියන් විසින් සංවිධානය කර තිබු රැස්වීමකට සහභාගී වු ප්‍රධාන අමාත්‍යවරයා ගැමියන්ගේ මතය ජනාධිපතිවරයාට දන්වන බව පැවසුවේය.
මෙයට ගැමියෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම රැස්වීම් දෙකම අදාල කම්හල ආසන්නයේ ඇති නිවෙස් දෙකක් පැවැත්විනි.
කර්මාන්ත ශාලාවට පක්ෂව පැවති රැස්වීමට ගිය ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ දෙපිරිස අතර ගෝරියක් ඇති විය හැකි බැවින් වෙනත් දිනයක් යොදාගෙන තමන්ට දන්වන ලෙසයි.