රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටුයතු යළි ඇරඹීමට යතියි කියමින් ගැමියන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්ව අද උදෑසන සිට සවස් වන තුරු විරෝධතා පැවැත්වූහ.
රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිනෙන තුරු කර්මාන්ත ශාලාව අසල ගැමියන් රැදී සිටි අතර අද සවස් විටත් උන්වහන්සේ එම ස්ථානයට පැමිණ සිටියේ නැත.
සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ බවත්ල ඒ හිමියන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ බවත් උද්ඝෝෂණයේ නිරත ගැමියෝ කිහිප දෙනෙක් පැවසූහ.
ගම්පහ අධිකරණයේ පැවති නඩුවට හෝ සිරිධම්ම හිමියන් එතියි මාධ්‍යවේදීන් බලා සිටියද ඒ හිමියෝ අධිකරණයට ද වැඩම නොකළහ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතා ලංකාදීපයට අදහස් දක්වමින් පැවසුවේ අඩු අදායම් සමෘද්ධි ලාභී පවුල් 3000 කට කර්මාන්ත ශාලාවේ වියදමින් ජල නල පහසුකම් ලබා ගැනීමට ආධාර කරන බවයි. ඉන් පසු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන බවත් ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා මාධ්‍යයේ සහයෝගය බලාපොරොත්තු වන බවත ඒ මහතා පැවසීය.
පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් තැබූ ගිවිසුම මේම ප්‍රශ්නයට මූලිකත්වය දෙන පාර්ශ්වයන් ජනතාවගේ අප්‍රසාදයට පත් කොට අපහසුතාවට පත් කිරීමේ දීර්ඝ කාලීන සැලැසුමක් ප්‍රතිඵලයක් බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුමේ කැදවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා කර්මාන්ත ශාලාව අසල දී කීවේය.
‘කිසිම මාධ්‍යයකට ඇතුළට යෑමට ඉඩ නොදී දේශපාලන අධිකාරිය හා ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කර නොගෙන විනිවිද බාවයකින් තොරව තමයි පොලිස් අධිකාරී කාර්යාලයයේ එම සාකච්ඡාව තිබී ඇත්තේ. පැය හයක් පමණ කාලයක් වාද විවාද ඇතිව සාකච්ඡාව පැවැතෙද්දී ඕනෑම අයෙක් මානුෂිකව පීඩාවට ලක්වෙලා යම් යම් තීරණවලට එළඹිය හැකියි.
ලක්ෂ ගණනක් ජනතාවට වග කියන ලියවිල්ලක් එවැනි ස්ථානයක දී අත්සන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක තෙරිපැහැ හිමියන්ගේ කීර්ති නාමයට හානියක් කරන්න හදපු සැලැස්මක්.
එම ලියවිල්ල පිළිගන්න ජනතාව සූදානම් නැහැ.
පරිසර හානියක් සිදුව තිබිය දීත්, ජීවිත තුනක් නැති වී කිහිප දෙනකු තුවාල ලබා ඇති නිසා මෙවැනි විසදුමක් පිළි ගැනීමට ජනතාව සූදානම් නැතැයි ගැම්වැසියකු වන සුරේෂ් පෙරේරා මහතා පැවසීය.
‘කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන 2025 වන තුරු කරගෙන ගොස් ඉන් අනතුරුව වෙනත් ස්ථානයකට ගෙන යන්න ඉල්ලුවා. ගැමියන් ඊට විරුද්ධ වුනාට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒක අඩුකරලා මාසය හයකට ආවා.
කර්මාන්ත ශාලාවේ පාර්ශවය පැත්තෙන් අපි අහපු කිසිම දෙයකට කන්දුන්නේ නැහැ. පැහැදිලි උතතරයක් ලැබුනෙත් නැහැ. ගල්වුස් නිෂ්පාදනයේ සිට බැහැර කරන අපද්‍රව්‍ය ක‍්‍රියා දාමය අපි ප‍්‍රශ්න කළා. එයාලට උත්තර දෙන්න බැරි වුනා.
පළවෙනි නිෂ්පාදනාගාරය ඉක්මනින් ගලවා ඉතිරි හතර මාස හයකින් ගලවා බියගමට ගිනියන බව පැවසුවා.
එවිට ස්වාමීන් වහන්සේ පැවසුවා ජනතාව ඉන්නේ හාමුදුරුවෝ සමග ජනතාව හාමුදුරුවෝ කියන එක පිලිගන්න ඕනේ කියා. උන්වහන්සේ තුළ ලොකු විශ්වාසයන් තිබුනා ජනතාව මෙය ඉස්මුදුනින් පිළිගනියි කියලා.
පස්සේ ජනතාව විරුද්ධ වූ විට උන්වහහන්සේ පොලිස් අධිකරිවරයාටට දුරකතන ඇමතුමක් දී මිනිස්සු එකග නැහැ මේක ක‍්‍රියාත්මක නොකර මම ඒක අවලංගු කරනවා කියා කීවා.‘

