දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි කියමින් සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා මල්වතු හිරිපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
පසුගිය ඉරිදා ගම්පහ පොලිස් අධිකාරී විසින් තහනම් කරනු ලැබූවේ හෙට්ටිආරච්චි මහතා සංවිධානය කළ රථ පෙළපාළියයි. ඒ ගැන ඔහු මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය.