මාස හයකින් වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ගෙන යෑමටත්, ඒ වන තෙක් කොන්දේසි කිහිපයකට යටත්ව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත ඇරැඹීමටත් පොලිසිය, කර්මාන්ත ශාලාවේ බලධාරීන් හා ගම්වාසීන් පිරිසක් අතර අද (10) ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ පැවැති සාකච්ඡාවක දී තීරණය වී ඇත.
කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද, ගම්වාසීන් නියෝජනය කරමින් ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සරිධම්ම හිමියෝ ද එම එකඟතා ඇතුළත් ගිවිසුමකට අත්සන් තැබූහ.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ගම නියෝජනය කරමින් තෙරිපැහැ සිරිධම්ම හිමි, නීතීඥ පාලිත සේනාරත්න සහ නීතීඥ පී වික්‍රමආරච්චි මහත්වරු ඇතුළු දස දෙනෙක් සහභාගී වූහ. වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ රණසෝම මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
දේපාර්ශවයෙන් විවිද යෝජනා ඉදිරිපත් වූ අතර 2014 අප්‍රේල් 30 වැනි දායින් වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිශ්පාන නතර කර රතුපස්වලින් ගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.
ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ ඇති යන්ත්‍රාගාර පහෙන් පළමු යන්ත්‍රාගාරය ඉවත් කිරීම ලබන 15 වැනිදා ආම්භ වේ.
කර්මාන්ත ශාලාවේ රුපියල් පන්කෝටි විසි ලක්ෂයක වියදමින් ජල ගැටළුවට මුහුණ දුන් සමෘද්ධිලාබීන් ඇතුළු පවුල් 3000කට පානීය ජලය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇත.
ගිවිසුමට අනුව තව මාස හයකින් කර්මාන්ත ශාලාව ඉවත් කරන තුරු එහි නිෂ්පාද පවත්වාගෙන යා හැකි අතර එමගින් පාරිසරික හානියක් වේදැයි බැලීමට තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දස දෙනකුගෙන් සමන්තිව කමිටුවකට ඕනෑම අවස්ථාවක කර්මාන්ත ශාලාවට යෑමේ අවස්ථාව හිමිවේ.
වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ඉකුත් ජූලි 27 වැනිදා සිට විටින් විට උද්ඝෝෂණ හා සාකච්ඡා වට පැවැත්විණි.
අගෝස්තු පළමුවැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ගැටුමේදී වෙඩි වැදී පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මියගොස් තිස් ගණනක් තුවාල ලැබූහ.

