රතුපස්වල කම්හල බියගමට ගෙනාවොත් උපවාසයක්


ගම්පහ රතුපස්වල  වෙනිග්‍රොස්  කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කලාපයේ  පිහිටුවහොත්  එය ඉදිරිපිට   මාරාන්තික උපවාසයක්  ආරම්භකරන බව  බියගම  ප්‍රාදේශිය සභාවේ  විපක්ෂ නායක මංජුල ප්‍රසන්න සම්පත් (එජාප) මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රතුපස්වල කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කළාපයේ  යළි පිහිටුවන බව  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  මහනුවර පල්ලෙකැලේ  ආයෝජන කලාපයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.