වැලිවේරිය රතුපස්වල ළි වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ බලධාරීන් සමග ඇමැති මර්වින් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සාකච්ඡා කරද්දී තවත් හිමිවරු කිහිප නමක් එම ස්ථානයට පැමිණ උපවාසයට එක් වූහ.
එම ස්ථානයට ආ බරහිර වැලිවේරිය දුදර්ශනාරාමාධිපති වැල්ලගිරියේ රතනසාර හිමියන් පැවසුවේ මෙම ආයතනය සවස් වන විට වසා නොදැමුවහොත් ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග එක්ව මාරාන්තික උපවාසයට එක් වන බවයි.
කතෝලික පියවරුන් සමග සාක්ඡා කර ඔවුන්ට මෙම අරගලයට සම්බන්ධ කර ගන්නා බව ද ඒ හිමියෝ පැවසූහ.
ප්‍රදේශයේ පාසල් ළමයි ද අද පාසල් නොගොස් පැදුරු දමා පාරේ වාඩිවී ජලය ලබා දෙන්නැයි කියමින් උද්ඝෝෂණයට එක්ව සිටිති.