වැසි නොලැබීමෙන් බිබිලෙ රතුගල ආදිවාසි ගම්මානයේ ළිං හිඳී ගොස් ඇති නිසා ගම්වාසීහු ජලය සොයා නිල්ගල වනාන්තරය මැදින් ගලා යන රඹකැන් ඔයට එති.
ඔයේ ද ජලය සිඳී ගොස් ඇති අතර තැනින් තැන එක් රැස්වූ වතුර ඇත.
රතුගල ප්‍රාථමිකයේ සිසුහු බීමට ජලය සොයා දිනකට තුන් හතර වතාවක් රඹගැන් ඔයට එති.
වනාන්තරයේ සිටින අලින්, වළසුන් ආදී සතුන් ද දිය සොයා එතියි රතුගල ආදිවාසී නායක සුදා වන්නිලඇත්තෝ කියති.

