රතු ත්‍රීරෝද රියට පැන්න වඳුරා කූඩු කරයි


පානදුට බටහිර මාලමුල්ලේදී වසර හතරක් තිස්සේ මිනිසුන් 69 දෙනකු සපා කෑ වඳුරා කූඩු කර ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වූහ.

රතු ත්‍රිරෝද රිය දුටු ගමන් එහි ගමන් කළ අය සපා කෑමට පුරුදුව සිටි මේ වඳුරා හිමිනමක් ද, ගැබිණි මව්වරුන්ද, දරුවන් ද සපා කා ඇත.

වඳුරා වෙනත් කැළයකට මුදා හැරීමට නියමිතය.