ඇමෙරිකාවේ නාසා ආයතනය අගහරු මතට යෑවු කියුරියෝසිටි රෝවරය මගින් නිකුත් කළ ඡායාරූපයක ජීවියෙකු සිටින බව ජපන් ජාතික බ්ලොග් ලියන්‍නකු පවසයි. ඔහු සොයාගත් ජිවියා සිටින ඡායාරූපය පිටසක්වල ජිවීන් හා ග්‍රහ ලෝක පිළිබද තොරතුරු සොයන වෙබ් අඩවියකට එක් කිරිමෙන් පසු බොහෝ දෙනකු ඒ පිලිබඳව සැලකිලිමත් වී ඇත.
නාසා ආයතනය පවසන්නේ මෙමම මුල් ඡායාරූපයේ මෙවැනි ජීවියෙක් දක්නට නොලැබුණු බවයි. එම ඡායාරූපයේ ගල්කැට පමණක් දක්නට ලැබෙන බවත් ජලය නොමැති අඟහරුමත සතුන්ට ජීවත්විය නොහැකි බවත් නාසා ආයතනය පවසයි. මින් පෙර අවස්ථා කිහිපයකදීම කියුරියෝසිටි රෝවරය විසින් එවන ලද ඡායාරූප විශ්ලේෂණය කළ ඇතැම් කන්ඩායම් අඟහරුමත විවිධ සතුන් සිටින බව පැවසුව ද ඒවා ගල් කැබලි හා ඒවායේ සෙවනැලි හේතුවේන හටගත් දෘෂ්ඨිමායා බව තහවරු කැරුණි. ජපන් ජාතිකයාගේ විශ්ලේෂණය ප්‍රකාශයට පත්කළ වෙබ් අඩවිය පිටසක්වල ජීවීන් සිටින බවත් ඔවුන් අඟහරු ඇතුළු ග්‍රහලෝකවල සිය අණසක පතුරුවන බවත් වරින් වර පෘථිවියට පැමිණෙන බවත් තරයේ විශ්වාස කරන හා ඒ ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන වෙබ් අඩවියකි