රතු ග්‍රහයාගේ වතුර සොයාගනී


අඟහරුමත අතීතයේ ජලය තිබී ඇති බව නාසා ආයතනය විසින් එහි යවන ලද කියුරියෝසිටි රෝවරය තහවුරු කරයි. අඟහරු පෘෂ්ඨයේ ඇති භූ ලක්ෂණ බොහොමයක් පෘථිවියේ මෙන් ගංගා ඇළ දොළ ගලායාමෙන් හටගෙන ඇති බව රෝවරයෙන් ලැබුණු දත්ත අනුව ස්ථිර වූ බවත් නාසා ආයතය පවසයි.

අඟහරුමත ජලය තිබෙන්නට ඇතැයි යන්න වසර ගණනාවක සිට විද්‍යාඥයන්ගේ විශ්වාසය වුව ද එය විද්‍යාත්මකව තහවරු කරන ලද්දේ  කියුරියෝසිටි යානයෙන් ලැබුණු දත්ත පදනම් කැර ගනිමිනි. විද්‍යාඥයන් පවසන්නේ ජලය තිබූ බැවින් අඟහරු අතීතයේ ජීවය සහිත ග්‍රහලෝකයක් වන්නට ඇති බවයි. නමුත් මෙතෙක් ජීවය පිළිබඳ සාධක හමුවී නැත.