(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබ තුමාලා රතු කොඩිය වන වන ඉන්න යුගය අමතක කර අලුත් ආකාරයට යා යුතුව තිබෙන බව පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලාල් කාන්ත ඇමතිතුමා මේ දවස් වල ආර්ථිකයට අලුත් නැම්මක් දීගෙන යනවා. අපි හිතන ආකාරයට හිතන එක තමයි ලොකුම වෙනස.අප කතා කරන්නෙත් එවැනි අලුත් දර්ශනයක් සහිත ගමනක් මිස පැරණි ගතානුගතික ක්‍රමය ගැන නොවේ.
මම මුදල් ඇමති ලෙස 16 වැනි අයි.එම්.එෆ් සාකච්ඡා කරන විට නියමිත පරිදි කටයුතු කරගෙන ගියා. නමුත් මෙය අවසාන අදියරට එන විට අයි.එම්.එෆ් දර්ශක වෙනස් කරන්න ගියොත් නැවත පෙර පැවති තත්ත්වයට යනවා.මෙවර අපි මූල්‍ය අරමුදලින් අන්තිමට ණය ගන්න අවස්ථාව කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.