අන්තර් ජාතික රතු කුරුස සංගමයේ 150වැනි සංවත්සරය ලෝකයේ බොහෝ රටවල සැමැරිණි. හෙන්රි ඩුනන්ට් මානව හිතවාදියා යුද්ධයෙන් තුවාල ලැබූවන් සුවපත් කිරීම සඳහා ඉදිරිපත්කළ උත්තරීතර ප්‍රයත්නයක පළමු දින සටහන්වන්නේ 1863 පෙබරවාරි දහහත්වන දින හඳුන්වාදුන් වැඩ පිළිවෙළත් සමගය. නව කෝටියකට වැඩි ස්වේච්ජා සේවක පිරිසක් ලෝකය පුරා රතුකුරුස සේවයේ යෙදෙමින් සිටිති.
1971 තරුණ නැගිටීම, 1988 - 89 භීෂණ කාලය හා ත්‍රස්තවාදී කොටි සංවිධානය මර්දනය කිරීමේදී රතු කුරුස සංගමයේ අභ්‍යන්තර ක්‍රියා ශ්‍රී ලංකාවේ බොහෝ පරස්පරයන් ඇති කළ බවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් සමහර දෙනා තදින් විස්වාස කළද, බොහෝ දෙනෙකු පවසන්නේ සුනාමි ව්‍යසනයේදී රතු කුරුස සංගමය ඛෙහෙවින් උදව් උපකාර කළ බවයි.