රත්වත්තේ සැමට සමුදේ


(ෂේන් සෙනෙවිරත්න)

අභවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතුු අද සවස නිත්තවෙල පිහිටි රත්වත්තේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.

විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති අවංගල උත්සවයට පැවැත්විනි

ඒ මහතාගේ දේහය පිළිබඳ ආගමික වතාවත් මල්වතු - අස්ගිරි මහා විහාරයන්හි මහා සංඝරත්නය විසින් සිදු කිරීමෙන් අනතුරුව සවස 4.30 ට පමණ අවමගුල් පෙරහර සුසාන භූමියක් කරා පිටත් විණි.

ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටි අතර පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද ඒ අතර වුහ.