රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි


රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතියි රත්මලාන ප්‍රාදේශීය ලේකම් ඩී ඒ එච් පියතිලක මහතා කියයි.

පසුගිය දින කිහිපයේ සිදුවූ මුහුදු කාදනය නිසා නිවාස 20ක් පමණ මුහුදට ගසාගෙන ගොස් නිවාස 70කට පමණ අර්ධ හානි වී ඇතැයි ග්‍රාම නිලධාරී ඩබ්ලිව් එස් කේ ධනපාල මහතා පවසයි.

371 372