අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එහිදී වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.







