රත්නපුරේ මඟුල් ගෙදරක 15 කට කොරෝනා


 (ලසන්ත නිරෝෂණ පෙරේරා)         

                                            
රක්වාන මංගල උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව  උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි ඇතැයි  රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා අද(15)  පැවසීය .                                                                                                                       

රක්වාන ප්‍රදේශයේ තරුණියක් සමග රත්නපුර මල්වල ප්‍රදේශයේ  තරුණයෙකුගේ ව්වාහ ගිවිස ගැනිමේ උත්සවයෙන් ප්‍රථමයෙන් මනාලයාට කොරොනා ආසාදිත වු බවට පසුගිය සතියේදී තහවුරු විය .ඉන් පසු මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ  සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණි .                                                                                                                                                             

අද ( 15 )  වනදා   රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මියගේ කැදවිමෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්ව්මේදි වෛද්‍යවරයා සඳහන් කළේ  රක්වාන මංගල උත්සවය නිසා පුද්ගලයින් සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් පි සි ආර් පරික්ෂණ සිදු කරන බවත්ය.       

                                                                                                                 

විවාහ මංගල උත්සවයට පැමිණි රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු සහ රක්වාන ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි තිබේ .                                                                            

රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සිමාවන් පනවා ඇති අතර රත්නපුර ප්‍රදේශයේ  වෙළෙද සැල් 32 ක්ද වසා දමා  ඇත.                                                                                                       

මංගල උත්සවයට පැමිණි රක්වාන අස්ලාම් විදුහලේ සිසුවෙකු ද කොරොනා ආසාදිතයින් අතර සිටි. එම පාසල වසා දමා නැතත් සිසුන්  අද   දිනයේ නොපැමිණි බව ව්දුහල්පති ඒ. එම්. නසාර් මහතා පැවසීය .