රත්නපුරත් බස් වර්ජනයක්


 (ලසන්ත නිරෝෂණ පෙරේරා )                                                       

රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බස් රථයක කොන්දස්තරවරයෙකුට  ප්‍රහාරයක් එල්ලකිරිමට විරෝධය පළ කරමින් රත්නපුර ඇබිළිපිටිය ,කහවත්ත රත්නපුර සහ රත්නපුර රක්වාන  මාර්ගවල සියලුම පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන් අද ( 05 ) සේවයෙන් ඉවත්ව බස් වර්ජනයක් සිදු කළහ. 

මේ නිසා මෙම මාර්ග වල ගමන් කරන දහස් ගණනක් මගින් අපහසුතවයට පත්වුහ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේදි  වෑන් රථයකින් පැමිණි පිරිසක් රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බසයක කොන්දස්තරවරයෙකුට පහරදි ඔහු පැහැරගෙන ගොස් පසුව මග දමා ඇතැයි ද වර්ජනයේ නියුතු පුද්ගලික බස් සේවකයෝ පවසති .  

තුවාල ලද එම බස් කොන්දස්තරවරයා ඇබිළිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයින් තිදෙනකු කුට්ටිගල පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම සිද්ධියට හේතුව කළක සිටම රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් සහ ඇබිළිපිටිය කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් අතර පවතින ආරඅවුලක් බව පොලිසිය පවසයි .