රත්නපුර නගර සභා විපක්ෂ නායකට පොලිස් ඇප


රත්නපුර රෝහලේ ආරක්ෂ නිලධරයකුට පහර දුන්නැයි සැකපිට රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායන ලක්ෂ්මන් මුණසිංහ මහතා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබීය.

ආරක්ෂක නිලධරයා පහර දුන්නැයි විපක්ෂ නායක හා ඔහුගේ බිරිය ද රෝහලේම ප්‍රතිකාර ලබති.

රෝහලේ සිටින විපක්ෂ නායකගේ පුතාට කෑම රැගෙන යාම සම්බන්ධයෙන්  ඇති වු  අවුලක් මත දෙපාර්ශවයම පොලීසියට පැමිණිලි කැර ඇත.