රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ


18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජාතික හෙළ බොදු ජනතා පක්ෂයේ නායක රත්න බණ්ඩාර ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.

18 වැනි සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනා ජනාධිපති ධුරයට නුසුදුස්සන් බැවින් ඉදිරි වසර දෙක සඳහා තමනට ඒ පදවිය ලබා දිය යුතු බව ඔහුගේ පෙත්සමේ සඳහන් විය.

පෙත්සම නිශ්ප්‍රභ කළ පසු අධිකරණයෙන් පිටතට පැමිණි බණ්ඩාර මහතා කීවේ ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වනබවයි.