කැනඩාවේ රැකියා දෙන බව කියමින් රුපියල් තිස් පන් ලක්ෂයක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇප මත සිටි ඔහු උසාවි පැමිණියේ රජයේ රත්තරන් කිලෝ සියයක් විකිණීමට ඇති බව කියමින් කළැයි කියන වංචාවක් සම්බන්ධයෙනි.
කොටුව හා කොම්පඤ්ඤවීදිය පොලීසි මහේස්ත්‍රාත් අමතමින් පැවසුවේ පොලීසියට ඕනෑ කළ පුද්ගලයකු වූ මොහු අත්අඩංගුවට ගත් උත්සාහ අසාර්ථක වූ බවයි.
කොටුව පොලීසියේ පැමිණිලි අටක් ද, කොම්පඤ්ඤවීදිය පොලීදියේ නඩු හතක් ද ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු මහේස්ත්‍රාත්ට දැන්වූයේ ඔහුට මරණීය තර්ජන ඇති බවයි.
රාජකාරිය හරියට කළා නම් එවැනි තර්ජන තිබිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.