රත්තරන් ග්‍රෑම් 400 ක් සමග දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කළ විශේෂ වැටලීමක දී රත්රන් හා සිගරට් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු හා චීන කතක අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව කියයි.

ඉන්දියා‍වේ ත්‍රිචිනාපොලි වෙත ග්‍රෑම් 400ක් බර රත්රන් පටි දෙකක් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ද චීනයේ නිෂ්පාදිත සිගරට් කාටුන් 296ක් සමග මෙරටට පැමිණි චීන ජාතික කතක් ද රේගු දැලට හසුවී ඇත. රත්රන්වල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් ද සිගරට්වල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් ද පමණ වෙතැයි රේගුව කියයි.