රත්ගම සභාපති අවමගුලට උඩින් මල්


සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ අවමගුල හික්කඩුවේදී අද (29) මහා ජනකායක් මැද්දේ පැවැත්විණි.

අවමගුල් පෙරහර රත්ගම ප්‍රාදේශීය සභාවේ සිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ පිහිටි සොහොන්බිම කරා ගමන්කරද්දී සජින්ද වාස් ගුණවර්ධන මහතාට අයත් කුඩා ගුවන් යානයකින් සුදු මල් විසිරැවිණි.

50කට ආසන්න මහා සංඝරත්නය පාංශුකූලය දීමට වැඩම කර සිටියහ. ඇමැතිවරුන්වන පියසේන ගමගේ, රාජිත සේනාරත්න, හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන, සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සජින් ද වාස් ගුණවර්ධන මහත්වරුද පැමිණ සිටි අය අතර වූහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පෙරදින පැමිණියේය. හිටපු ජනපතිගේ ශෝක පණිවිඩය  නාමල් රාජපක්ෂ මහතා අද ඉදිරිපත් කළේය. මෙන්ඩිස් මහතා සිය ගෙවත්තේදී මහජනයා හමුවූ කොට්ටම්බා ගස මුල ඔහුගේ සිරුර මිහිදන් කෙරිණි. 

IMGA0722 IMGA0729 IMGA0743 IMGA0746 IMGA0749 IMGA0751

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා