පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
රතන හිමියෝ අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ තීරණය දැනුම් දී ඇත.
ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුල්වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ හිමියෝ 2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
මහින්ද රාජපක්ෂ රජයට එකතුවී මුලදී කටයුතු කළ ඒ හිමියෝ 2014 නොවැම්බර් මාසයේදී ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක මහතා සමග රජයෙන් ඉවත් වූහ. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම සඳහා උන්වහන්සේ සහයෝගය ලබාදුන්හ.

