රතන හිමියෝ ආසනයකින් බසිති


දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් හා ඊට අදාල සියලු වගකීම්වලින් අද සිට ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැන්වූහ.

රතන හිමියනට ලබා දී තිබූ වාහනය ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට භාර දෙන බව රතන හිමියන් විසින් යැවුණු ලිපියේ සඳහන්ය.