රණසිංහ ප්‍රේමදාස නාමයට කවදාවත් අවමන් කරන්නේ නෑ - සජිත්


තමා කිසිදවසක පාවාදීම් සිදුකර පියාගේ නාමයට අවමන් නොකරන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමට සෑම සහයෝගයක්ම ලබාදෙන  බවත් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මතුගමදී පැවසීය.

ඒ මහතා එසේ  පැවසුවේ මතුගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේදීය.

මතුගම එජාප ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන මහතා විසින් මතුගම ශ්‍රවණාගාරයේ සංවිධානය කල එම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද  හිටපු අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, අජිත් පීි පෙරේරා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පීඩී අබේරත්න නිශාන්ත වර්ණසිංහ, කිත්සිරි කහටපිටිය යන  මහත්වරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 26 සිට මේ මොහොත වනතුරුත් ජනාධිපතිවරයා විසින් ගන්නා සියලු තීන්දුව තීරණ නීති විරෝධී බවත් ,ඒ සෑම අවස්ථාවකදීම ගත් තීන්දුව මේ වනවිටත් නීතියේ අභියෝගයට ලක්වී පරාද වෙමින් තියෙන බවත් පැවසීය 

තමාට දස වතාවක් අගමැති කම දෙන්න කතා කල බවත් කරූ ජයසූරිය මහතාටද එසේ කතා කරත් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කර බවත් පැවසු ප්‍රේමදාස මහතා මේ නිසා තමාතුල අගමැතිවරයා වීමේ බලාපොරොත්තු නැතැයි කිසිවිටෙකත් නොසිතන ලෙසද වැඩිදුරටත් පැවසීය.