රණවිරු පුතා සුවපත් කර ගන්නට පිහිට පතයි


ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ මාණ්ඩලික සැරයන්  උදය බණ්ඩාරගේ පුත් නව හැවිරිදි කේ එම් ජී ඩබ්ලිව් දිල්නෙත් බණ්ඩාර පුතාට වැළදී ඇති පිළිකා රෝගය(  Acute Lymphoblastic Leukemia  ) සුවපත් කැර ගැනීම සඳහා ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කමක් (Bone Marrow Transplant)  කළ යුතු යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා කියයි.

දිල් නෙත්ගේ තුන්හැවිරිදි   බාල සොහොයුරාගේ ඇට මිදුලු ගෙන කළ යුතු මේ සැත්කමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම්  ශ්‍රි ලංකාවේ නැති බැවින් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ එය එය සිදු කිරීමට රුපියල් තිස්පන්ලක්ෂ අසු එක්දහසක් වැය වන බව වෛද්‍යවරුන් කියා ඇතැයි යුද හමුදාවේ සන්නද්ධ හමුදා හා පොලිස් සුබ සාධන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඩබ්ලිව් ආර් වසන්ත කුමාර  මහතා පවසයි.

මෙම දරුවාගේ මව කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවයේ හෙද නිලධාරීනි එම් කේ ආර් චන්ද්‍රෙස්න මහත්මිය දරුවාගේ අසනීප තත්ත්වය නිසාම සේවයට වාර්තා නොකිරීමෙන්  වැටුප් නතර කැර ඇත.

තමාට ලැබෙන මාසික වැටුපෙන් දරුවා සුවපත් කැර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත නොහැකි බව සැරයන් උදය බණ්ඩාර කියයි. ඔහු වැඩි කලක්ම සේවය කළේ උතුරේය.

ඉගෙනීමට ද දක්ෂ තම පුතා  සුවපත් කැර ගැනීමට ආධාර උපකාර කරන ලෙස ඔහු එතෙර මෙතෙර පරිත්‍යාශිලින්ගෙන් ආයාචනය කරයි.

ලංකා බැංකුවේ  නාරාහේන්පිට ශාඛාවේ ඔහුගේ බැංකු ගිණුම් අංකය කේ.එම්.ජී ඩබ්ලිව්.යු බණ්ඩාර -75271997

සැරයන් උදය බණ්ඩාරගේ දුරකතන අංක. 071-8085378, 077-4377689