මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය මිලයට ගැනීමට අද දිනයේදීත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පාඨකයින් අතර තිබුනේ දැඩි උනන්දුවකි.
තම පාඨකයින් හමුවීමට ගුණරත්න මහතාද පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයෝ පෝලිම් ගැසී සිටිනු දැක ගැනීමටද හැකි විය.
මෙරට කෙටිම කාලයදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් විකිණී ගිය කෘතිය මෙය විය හැකි බව විජිත යාපා ඇසෝසියේට් සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේය.