සයිටම් ආයතනයට විරුද්ධව රටේ සෑම දෙනාම පාරට බැහැලා ඉන්න වෙලාවක ජනපති හා අගමැති ප්‍රමුඛ පාලකයන් ගොළුවා කසාය බිව්වා සේ මුනිවත රකිමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) කොළඹ දී පැවසීය.
‘සයිටම් ප්‍රශ්නයට ඇති එකම විසඳුම හා සුදුසුම විසඳුම වන්නේ සයිටම් හොර උපාධි කඩය වසා දැමීමයි‘ යැයි ද ඒ මහතා කීවේය.
‘අපි ආරම්භ කළ සටන සයිටම් මුදලාලිටත් සයිටම් නඩයටත් අනිවාර්යෙන්ම පරාජය අත් වන සටනක් වෙනවා. එහි කිසිදු සැකයක් නැහැ. පැවැති ආණ්ඩුව හා පවතින ආණ්ඩුව උත්සාහ කර සිටියේ පොදු ජනතාවගේ අයිතියක් වූ නිදහස් අධ්‍යාපන අයිතිය විකුණා දැමීමටයි. එහෙත් අපි එයට ඉඩ දෙන්නේ නැහැ. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

