රටේ ආර්ථිකය කෑවේ එජාපය නොවේ


(අංජුල මහික වීරරත්න)

රටෙි ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නොවන බව අවධාරණයෙන් කිව යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රට අරාජික වූයේ හිටපු ජනාධිපති තුමාගේ උපදේශකවරුන්ගේ වැරදි තීන්දු නිසා බවද විජයවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ තරුණ බලකායේ සමුළුව අමතමින් විජයවර්ධන මහතා මෙි බව කීය.

ලබන මාසේ  ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර එවිට  තවත් රටවල් ගණනාවක් ලංකාවට උදව් කරන්න සූදානම් බව ද විජයවර්ධන මහතා පැවසීය.